බොරලැස්ගමුව මහා විද්‍යාලය

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණීම අනිවාර්‌ය වේ.
  • උදෑසන 7.25 ට පෙර තමන්ට අයත් පන්ති කාමරය හා පාසල් පිරියත පිරිසිදු කර අවසන් කළ යුතුය.
  • උදෑසන රැස්වීමට සියළුම දෙනා අනිවාර්යයෙන් සහභාගි විය යුතු අතර, ශරීර සුවතා වැඩසටහන සඳහා සහභාගී වීම අනිවාර්‌ය වේ.
  • පාසලට නොගැළපෙන කිසිදු උපකරණයක් රැගෙන ඒම තහනම් වේ (ජංගම දුරකථන පරිගණක උපකරණ, ආයුධ,CD තැටි ආදී), පාසල් බෑගයේ සහ තමා සතුව තිබිය යුත්තේ ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය දේ පමණි.

  • පන්තියෙන් පිටත ඉගෙනුම් පන්ති කාමරයකට යන විට පන්තියේ සියලු සිසුන් පෙළකට ගමන් කළ යුතු .

  • සිසුවකු පන්තියෙන් බැහැර යන විට පන්ති කාමරය තුළ සිටින ගුරුවරයාගේ අවසර පත්‍රය රැගෙන යා යුතුය.
  • භාෂා භාවිතය සංවර විය යුතුය.

  • පාසල තුළ ගැටුම් ඇතිකර නොගත යුතු අතර ගැටුම් සදහා සහාය දැක්වීමෙන් වැළකී සිටිය යුතුය.

  • 6-13 ශ්‍රේණිය දක්වා සියළු සිසුන් පාසල් වේලාවෙන් පසු සහ පාසල් නිවාඩු කාලයේ පැවැත්වෙන

    පුහුණුවීම් ඇතුළු සියළු කටයුතු සඳහා පැමිණීමේදී අදාළ විෂය භාර ගුරුවරයාගේ අනුමැතිය සහිතව සුදුසු ඇදුමකින් සැරසී පැමිණිය යුතුය.

  •  පාසල් වේලාවෙන් පසු පාසල තුළ පැවැත්වෙන අමතර පන්ති සඳහා සහභාගී වීමට දෙමාපිය අවසරය ලබය ගත යුතු අතර අමතර පන්ති නිම වූ විගසම පාසලෙන් පිටව යාමට කටයුතු සම්පාදනය කර ගත යුතුය.

  • පාසල් වේලාවෙන් පසු පැවැත්වෙන අමතර පන්ති සඳහා සහභාගී වූ පසු ඔබගේ දෙමාපියන් පැමිණෙන තෙක් ආරක්ෂිත කුටිය අසල පමණක් රැදි සිටිය යුතුය.

     

  • විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් වේලාවෙන් පසු රැදී සිටිය හැකි වන්නේ විෂය භාර ගුරුභවතා හෝ ඔවුන් විසින් යෙදූ වෙනත් ගුරුභවතකු සිටින විටදී පමණි.

     

  • පාසල තුළ මෙන් පා සලින් පිටතදී පාසලේ ගරුත්වය රැකීමට සියළුම දෙනා වග බලා ගත යුතුය

     

  • පාසලේ දරුවෙකුට නොගැලපෙන සම්බන්ධතා පැවැත්වීම සපුරා තහනම්. එසේ සම්බන්ධතා පැවැත්වූ බව තහවුරු වුවහොත් මෙම පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වන බව තරයේ අවධාරණය කරයි.

     

  • පන්සිල් සමාදන් වීමේදී, ජාතික ගීය, පාසල් ගීය ගායනා කිරීමේදී, නිවේදන සඳහා සවන් දීමේදී හා පාසල අවසන් වන සීනුව නාද කිරීමෙන් පසු පාසල තුළ ඇවිදීම හෝ ශබ්ද කිරීම නොකළ යුතුය.

     

  • පාසල අවසන් වන සීනුව නාද වීමෙන් පසු පේළි වශයෙන් පන්ති වලින් පිටතට ගමන් කළ යුතුය.

     

  • පාසල නිම වූ පසු නිවෙස් කරා යාමේදී පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා සිසුන් පාසල් හා තමන්ගේ 

    ගරුත්වය රැකෙන පරිදි ආචාරශීලීව හැසිරිය යුතුය.