බොරලැස්ගමුව මහා විද්‍යාලය

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජී. කේ. අතපත්තු

සියවස් එකහමාරකට අධික කාලයක අභිමානයක් තිබෙන බප/පිළි/බොරලැස්ගමුව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) ලෙස වර්තමානයේ නිර්මාණය කරනු ලබන පාසලේ නිල වෙබ් අඩවිය සඳහා සුභාශිංසනය පුද කරනුයේ හදපිරි සතුටිනි.

බොරලැස්ගමුව නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන පාසල ලෙස උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරා දෙක ඇතුළත්ව 6 – 13 ශ්‍රේණි තෙක් පන්ති පැවැත්වෙන 1 C වර්ගයේ පාසලකි.

අප පාසල සතු ඉගෙනුම් මධ්‍යස්ථාන ලෙස විද්‍යාගාර දෙකකින්ද, ගණිතාගාරයකින්ද, පරිගණක විද්‍යාගාරයකින්ද, භාෂාගාරයකින්ද, මාධ්‍යය ඒකකය, සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරයකින් හා ගෘහ විද්‍යාගාරයකින් සමන්විත පාසලකි. එසේම සිසු දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඉහළ නැංවීමට පාසල සතු සම්පතක් ලෙස ක්‍රීඩා පිටියද පෙන්වාදිය හැකි ය.

අප පාසල තුළ දක්ෂතා හා හැකියාවන්ගෙන් සපිරි මානව සම්පතක් සහිත වීම නිසා පූර්ණ විෂය මාලාවේ වර්ධනය කිරීමට මහත් පිටුවහලක් වන්නේය. විධිමත් විෂය මාලාව පමණක් නොව විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් යුක්තය. පාසල තුළ ක්‍රිකට්, කරාතේ, චෙස්, නෙට්බෝල් හා පිහිනුම් මෙන්ම පරිසර නියමු, ශාන්ත ජෝන් ගිලන් රථ සේවය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැනි වැඩසටහන්වලින් ද සමන්විය.

මෙම සියලු ක්‍රියාවලීන් නව තාක්ෂණය උපයෝගී කරගෙන ලොවට ඉදිරිපත් කරනු පිණිස නිර්මාණය කරන අප විද්‍යාලයේ නව වෙබ් අඩවිය නිර්මාණයට කැපවන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුතුමිය ඇතුළු නිර්මාණ කණ්ඩායමට මාගේ හද පිරි සුභාශිංසන පිරිනමමි.

ජී. කේ. අතපත්තු
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි/බොරලැස්ගමුව මහා විද්‍යාලය.