බොරලැස්ගමුව මහා විද්‍යාලය

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

විශේෂ දැනුම්දීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

P. O. N. ගුණසේකර

  වර්ෂ 150 කට අධික ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන බප/පිළි/බොරලැස්ගමුව මහ විද්‍යාලය අතීතයේ පටන් බොරලැස්ගමුව පුරවරයට කීර්තියක් අත්කර දුන් සුවිශේෂී පාසලකි.

අප පාසල 6 – 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන, 1C  වර්ගයේ පාසලක් වන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට මුල් තැන දෙමින්, සිසු දරුවන්ගේ ශක්‍යතා ඔප් නැංවීමට විෂය සමගාමී ක්‍රියාකාරකම් බොහොමයක් ද සිදු කෙරේ. ඒ අතර කරාතේ, ක්‍රිකට්, චෙස්, පිහිනුම් ක්‍රීඩා ද, ශාන්ත ජෝන් ගිලන් රථ සේවය, පරිසර නියමු ආදී තවත් වැඩසටහන්ද වේ. මෑත අතීතයේ දී අප පාසලේ සිසුහු විවිධ විෂයානුබද්ධ හා විෂය සමගාමී තරග සඳහා ඉදිරිපත් වෙමින් කොට්ඨාස, කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ ලබාගත් බව පසක් කරනුයේ පාසල පිළිබඳ මහත් අභිමානයෙනි. මීට අමතරව සමබර පෞරුෂයක් සහිත විශිෂ්ට පුරවැසියන් බිහි කිරීමේ ප්‍රමුඛ අරමුණින් කටයුතු කරන අප පාසල දරුවන් තුළ සාරධර්ම ප්‍රගුණ කරනුවස් පෙර පොහොය වැඩසටහන්, ශීල සමාදාන වැඩසටහන් ආදිය ද සංවිධානය කරනු ලබයි.

බප/පිළි/බොරලැස්ගමුව මහා විද්‍යලීය වෙබ් අඩවිය ස්ථාපනය කරමින් අප පාසල 21 සියවසට අවැසි පුරවැසියන් බිහිකරලීමේ තවත් පියවරක් ඉදිරියට තබන මෙම අවස්ථාවේ එම කාර්යය සාර්ථක කර ගැනීමෙහිලා දායකත්වය දැක්වූ ගුරුභවතුන්ට හා සිසුන්ට මාගේ සුභාසිංසන පිරිනමමි.

P. O. N. ගුණසේකර
විදුහල්පති
බප/පිළි/බොරලැස්ගමුව මහා විදයාලය.